April 23, 2024

Glucose Stripes සහ Glucose machine මිල නියාමනයට සැරසෙයි

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිළ නියාමනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දියවැඩියා රෝගීන්ගේ රැධිර ගත සීනි ප්‍රමාණය පරික්ෂා කරන Glucose Stripes සහ Glucose machine වල මිල මෙහි දී නියාමනය කිරීමට නියමිතය. Glucose Stripes 25 ක පැකට්ටුවක් රුපියල් 1500.00 සිට අධික මිල ගණන් වලට වෙළෙදපොලේ අලෙවි වන අතර, Glucose machine රුපියල් 2500 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කරයි.

පෞද්ගලික රෝහල්වල අය කරන මිල ගණන් වර්ග 53 ක මිල නියාමනය කිරීමෙන් පසු පිළිකා රෝගීන් භාවිත කරන ඖෂධවල මිල ගණන් අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි. ඉන් පසු දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනය කිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 March 2018 12:20