April 23, 2024

ප්‍රසිද්ධ ව්‍යවසායක දිනුක් හෙට්ටිආරච්චිට නව තනතුරක්

ලාංකේය තරුණ ව්‍යවසායක මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස තරුණ ව්‍යවසායක දිනුක් හෙට්ටිආරච්චි මහතා පත් කර ඇත.

එම මණ්ඩලයේ 19 වන සංවත්සරය ෂැංග්‍රී-ලා හෝටලයේදී පැවැත්වුණු අතර ඊට සමගාමීව මෙම පත් කිරීම සිදු කොට ඇත.

දිවයිනේ ප්‍රමුඛතම ගණකාධිකරණ ආයතනයක් වන නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගමේ හවුල්කරුවකු වන හෙට්ටිආරච්චි මහතා ක්ෂේත්‍ර ගණනාවක විහිදුණු 3DH අන්තර්ජාතික ව්‍යාපාර සමූහයේ සභාපතිවරයාද වේ. එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස අමින්ද රොද්‍රිගු මහතා සහ උප සභාපතිවරයා ලෙස දිනේෂ් ජයවර්ධන මහතා ද පත්වීම් ලැබීය.

ජාතික හා අන්තර්ජාතික වශයෙන් පුළුල්ව විහිදුණු ව්‍යාපාරික ජාලයක් සහිත ව්‍යාපාර හිමිකරුවන්, ව්‍යවසායකයින් ඇතුළු 120ක් පමණ එම මණ්ඩලයේ සාමාජිකත්වය දරණ අතර රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සමාජ සංවිධානයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකි.

මීට පෙර එම මණ්ඩලයේ සභාපති ධූරය දරණ ලද්දේ කුෂාන් කොඩිතුවක්කු මහතා විසිනි.

 

 

Rate this item
(0 votes)