April 25, 2024

සියලුම විලවුන්වලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අනිවාර්යයි

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග නියාමනය 2017.10.10 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ආරම්භ කර ඇත.

එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා අවධාරණය කර සිටියි.

එලෙස අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන ආයතන පරික්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව ද ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)