April 19, 2024

සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙලක්

දිවයිනපුරා පිහිටි සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පෙරේදා (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රිය කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරය පෙන්වා දුන්නේ ය.

දේශීය චිත්‍රපට සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ක්‍රියාකර ඇත. මෙරට සිනමා ශාලා 173ක් ඇති අතර ඉන් 117ක් ඩිජිටල්කරණයට පරිවර්ථනය කළ යුතුව ඇත.එක් සිනමා ශාලාවක් ඩිජිටල්කරණය සඳහ වැයවන මුදල රුපියල් මිලියන 7කි.මේ සඳහා සිනමා ශාලා හිමියන්ට ණය ලබදීමට බැංකු සමඟ සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Rate this item
(0 votes)