April 25, 2024

ශ්‍රී ලංකාවට තවත් සෞඛ්‍ය ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අවමවීම සහ සජීවී දරු උපත් සංවර්ධනය වූ රටවලට සමාන අගයක් ගැනීම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සදහන් වන්නේ සජීවී දරු උපත් නිරෝගී රටවලට සහ ඇමරිකා එක්සත් ජනපදයට වැනි රටවල දත්තයන්ට සමාන වී ඇත්තේ ශ්‍රි ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අවම වීම හේතුවෙනි.

වළක්වාගත හැකි මාතෘ හා ළදරු මරණ තුරන් කිරීමට ශ්‍රි ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කර ඇත. ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබා දෙමින් මාතෘ මරණ අවම කිරීම ජයග්‍රහණයක් බව එම සංවිධානය සදහන් කරයි.

ගර්භනී අවධියේ දී අධිරුධිර පීඩනය, අධික රුධීර වහනය හේතුවෙන් සියයට 15 ක් පමණ ජීවිත අවධානමක් පවතී. විධිමත් ප්‍රතිකාර නොලැබුනහොත් ගර්භනී මාතාවන් මියයාමේ තත්ත්වයක් ද පවතී.

ගෝලීය වශයෙන් බලන විට ගර්භනී තත්ත්වයේ දී සහ ප්‍රසුතීයේ දී වසරක් තුල ලක්ෂ 03 කට ආසන්න කාන්තාවන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඉන් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවලින් වාර්තා වෙයි. මාතෘ මරණ අවම කර ගැනීමේ ඉළක්ක ශ්‍රී ලංකාව මේ වනවිට ජයගෙන ඇත. ළදරු මරණ අනුපාතය ද අඩු වී ඇත. එය වෙනත් රටවලට ආදර්ශයක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීම තුලින් එම ජයග්‍රහණය ලගා කර ගැනීමට හැකි වූ බව මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

 

Rate this item
(0 votes)