March 29, 2024

‘TRENDY THE BUDGET MART’ තලවතුගොඩදී විවෘතයි

ට්‍රෙන්ඩි ද බජට් මාර්ට් ‘TRENDY THE BUDGET MART’ ආයතනයේ පළමු ප‍්‍රදර්ශනාගාරය තලවතුගොඩ ප‍්‍රදේශයෙදී පසුගියදා (02) විවෘත විය.

යෙදුනු සුභ මොහොතින් ස්වාමීන් වහන්සේලා විසින් සිදු කෙරුණු ලැබු සෙත් පිරිත් සජ්ජායන අතරතුර එම සුපිරි වෙළදසැල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය.

පාරිභෝගියන්ට වැඩි පහසුවක් සලසා දීමේ අරමුණින් ආරම්භ වු මෙම සුපිරි වෙළදසැලින් නිවසට අවශ්‍ය සියලුම දේ මිලදී ගැනීමෙට පාරිභෝගිකයින්ට ඉඩ සලසා ඇත.

වාහන ගාල් කිරීමේ පහසුකම්, සුවිශේෂි විලාසිතා, උසස් ප‍්‍රමිතිය හා සහනදායී මිල ගණන් හේතුවෙන් පළමු දිනයේදීම පාරිභෝගිකයින් විශාල පිරිසකගෙන් එම වෙළදසැල පීරි ගිය අතර මාර්තු 2,3,4 යන තෙදින තුළ එම සුපිරි වෙළදසැලින් මිලදී ගන්නා භාණ්ඩ සදහා ජීවිත කාලයටම 10% වට්ටමක් ලබාදී තිබීමද සුවිශේෂි විය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වීරකුමාර දිසානායක, සිසිර ජයකොඩි, කංචන විජේසේකර යන මැති ඇමතිවරුන් , නුවන් කුලසේකර, සචිත සේනානායක, නළු නිළියන්, එම ආයතනයේ කාර්‍ය මණ්ඩලය හා පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

 

Rate this item
(0 votes)