April 24, 2024

2017 දී මින්නේරිය ජාතික උද්‍යානයෙන් මිලියන 238.83කට අධික ආදායමක්

February 28, 2018
2017 වසරේ මින්නේරිය ජාතික වන උද්‍යානයට සංචාරකයින් 163,557කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 238.83කට වැඩි ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඒ අනුව මින්නේරිය ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 83,961ක් පැමිණ ඇති අතර ඒ හරහා මිලියන 4.69ක ආදායමක් උපයාගෙන ඇත.
 
එමෙන් ම එම වසරේ දී විදේශීය සංචාරකයින් 79,596ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 171.54ක ආදායමක් උපයාගෙන ඇත.
 
සංචාරක පැමිණීමට අමතර ව රුපියල් මිලියන 62.60ක ආදායමක් ද උපයාගෙන ඇත.
Rate this item
(0 votes)