March 29, 2024

රුපියලේ අගය වාර්තා ගත ලෙස පහතට

February 14, 2018

විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත් විකුණා දැමීමත් සමඟ ඊයේ(13) දින අවසානයේදී රුපියලේ අගය වාර්තා ගත ලෙස පහත ගියේය. 

පළාත් පාලන මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව පරාජයට පත්වීමත් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ. ඩොලරයට සාපේක්ෂාව රුපියලේ අගය වාර්තා ගත 155.00 දක්වා පහත වැටිණි. 

දිනය අවසානයේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 154.95/155.05ක් ලෙස සටහන් විය. සිකුරාදා දිනය අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 154.27/35ත් අතර විය. පසුගිය අඟහරුවාදා දිනයේදී රුපියල 154.60/70 ත් වාර්තාගත පහත වැටීමක් පෙන්නුම් කළ අතර ඊයේ (13) එයද ඉක්මවා රුපියලේ අගය පහත වැටිණි.  

දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව ඇතැයි ද රොයිටර් පුවත්  සේවය සඳහන් කරයි. පසුගිය සතියේදී ඊට පෙර සතිය හා සැසඳීමේදී රුපියලේ අගය ස්ථාවර මට්ටමක පැවැතිය ද මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 0.95කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි. 

Rate this item
(0 votes)