April 25, 2024

විශ්‍රාම සහ ජීවිතාවරණ සැලසුම් 

සමුපකාර රක්ෂණ සමාගම ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ පොදු සේවක සංගමය සඳහා විශ්‍රාම සහ ජීවිතාවරණ සැලසුම් හඳුන්වාදීමෙන් තම තමන්ගේ තීරණාත්මක පියවරක් සනිටුහන් කර තිබේ.

එම හඳුනවාදීම කිසිදු ආකාරයකින් හෝ විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති සේවක සේවිකාවන්ට ඔවුන් විශ්‍රාම ගැනීමෙන් අනතුරු ව ඔවුන්ට වාසිදායකවන ආකාරයකට විශ්‍රාම මුදලක් හිමි කරදීම සමුපකාර රක්ෂණ සමාගමේ අරමුණ වේ.

ඒ අනුව එහි මාසික වාරිකයක් සඳහා වැයවනනේ රුපියල් 600 ක මුදලකි.

සමුපකාර රක්ෂණ සමාගමේ සැලසුමට පොදු සේවක සංගමයේ සංවිධායක කමිටුව එකඟවීමෙන් අනතුරු ව සමුපකාර රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ පොදු සේවක සංගමයේ ලේකමවරයා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

Rate this item
(0 votes)