April 24, 2024

නිදහස් කුසලානයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹෙයි

February 05, 2018

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය තේමා කරගනිමින් විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම විස්සයි-20 ක්‍රිකට් තරඟාවලිය එළඹෙන මාර්තු 6 සිට 18 දක්වා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මූලික වටයේ දී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් දෙක සමඟ තරඟ දෙක බැගින්, තරඟ 4 කට මුහුණ දීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියට අනුව තරඟාවලිය සඳහා ප්‍රවේශ පත් වෙන්කරවා ගැනීම අන්තර්ජාලය හරහා දැන් සිදු කළ හැකිය.

Rate this item
(0 votes)