April 25, 2024

කාර්මික අනතුරු වන්දිය වැඩිකිරීමට තීරණයක්

February 01, 2018

සේවයේ යෙදී සිටිය දී හදිසි අනතුරුවලට භාජනය වී මරුමුවට පත්වන හා තුවාල ලබන සේවකයන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

හදිසි අනතුරුවලට භාජනය වන සේවකයින් සඳහා දැනට ගෙවන වන්දි මුදල රුපියල් 5,50,000කි.කර්මික අනතුරුවල දී විපතට පත්වන සේවකයින්ට ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීම සඳහා කර්මාන්තශාලා ආඥා පනත සංශෝධනය කිරීමට යන බව අමාත්‍යාංශයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා පවසා ඇත.

කර්මාන්තශාලා ආඥා පනත යටතේ දැනට වන්දි හිමිවන්නේ කර්මාන්ත ශාලාවල සේවයේ දී හදිසි අනතුරුවලට ලක් වන අයට පමණි.එහෙත් පනත සංශෝධනය කිරීමේ දී එයට ඉදිකිරීම් අංශවල සේවකයින් ද ඇතුළත් කෙරෙණු ඇතැයි ලේකම්වරයා කීය.

Rate this item
(0 votes)