April 19, 2024

හස්ත කර්මාන්තය සංවර්ධනයට මිලියන 25ක්

දිවයින පුරා විසිරී සිටින සාම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් හස්ත කර්මාන්ත සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 25 ක් වෙන් කර ඇත.

මේ වන විට මීට අදාළ ව්‍යාපෘති යෝජනා ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත. මේ අනුව හදුනා ගන්නා ව්‍යාපෘති සදහා මෙම මුදල් වැය කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන් සදහා පුහුණු වැඩ සටහන් පැවැත්වීමද සිදු කරන අතර මෙමගින් වෙළඳපොල ප්‍රවර්ධනයට අවශ්‍ය නව නිර්මාණ බිහි කිරීම සදහා අවශ්‍ය ශිල්පීය දැනුම ලබා දීමට අවකාශ සැලසේ.

මෙම ව්‍යාපෘතිය තුලින් වෙළඳ පොල ශක්තිමත් කිරීම , නවීන උපකරණ හඳුන්වා දීම හා නව තාක්ෂණය හා දැනුම ලබා දීම සිදු කෙරේ. හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලි කර්මාන්ත කරුවන්ගේ ආදායම වර්ධනය කිරීම සදහා
සෘජු දායකත්වයක් ලබා දීමටද මෙමගින් අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේ පැවැත්වු පුහුණු වැඩ සටහන් 220 ක් මඟින් හස්ත කර්මාන්ත ශිල්පීන් 4300 කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත. මේ සදහා රුපියල් මිලියන 28 ක් වැය කර ඇති අතර මෙමගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 119 ක ශිල්පීන් 4300 ක් සංවර්ධනය කර ඇත .

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 January 2018 10:31