April 20, 2024

ආනයන අපනයන බලපත්‍ර ලබා දීම අන්තර්ජාලයෙන්

දේශීය හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැළසේ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

www.imexport.gov.lk සහ www.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි වේ.

මේ අනුව ආනයන අපනයන බලපත්‍රය ලබා ගැනීම සදහා වන අයදුම්පත ඉහත වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී අයදුම්කරු විසින් සම්පුර්ණ කිරීමෙන් පසු ඒ ඔස්සේම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමේ පහසුකම මෙම පද්ධතිය මගින් ලැබේ.

තවද මෙම ආනයන අපනයන බල පත්‍රය නිකුත් කිරීම සදහා සෙසු ආයතන23ක් මගින් අවශ්‍යය කෙරෙන නිර්දේශ සහ අනුමත කිරීම් සදහා අයදුම්පත මෙම පද්ධතිය මගින් ස්වයංක්‍රීයව යොමු වන බවදඑමගින් බලපත්‍ර අයදුම්කරුවන්ට ඉතා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා ගැනිමට හැකිවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

මෙම පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය නව තාවයකින් එලිදැක්වීම නොබෝදා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම වෙළෙද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේදී සිදු විය.

මෙහිදී අදහස් දැක්වු වෙළෙද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සදහන් කළේ ජාත්‍යන්තර නිර්නායකයන්ට අනුකූලව මෙරට ආනයන අපනයන වෙළෙද කටයුතු තවත් ඉහලට ගෙනයෑමට මෙවැනි සේවාවන් හදුන්වා දීම මගින් පිටු බලයක් වන බවත් මේ වන විට රාජ්‍ය අංශයේ කටයුතු ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ කටයුතු සාර්තකව සිදුවෙමින් පවතින බවත් මේ නිසා රටේ ජනතාවට පුරවැසි සේවාවන් ඉතා කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවී තිබෙන බවත්ය.

මෙහිදී අදහස් දැක්වු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා සදහන් කළේ එක්සත් ජාතීන්ගේ ඉ-රාජ්‍ය දර්ශකයට අනුව රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ කර ගනිමින් ඉ-සේවාවන් ලබා දීම ඉතා වැදගත් කොට සලකන බවත් එසේම ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී මෙය සන්ධිස්ථානයක් වන බවත්ය.

Rate this item
(0 votes)