April 19, 2024

පශ්චාත් උපාධි පාඨමාලා සදහා මිලියන 300ක්

ජාතික කෘෂිකර්ම පර්යේෂන පද්ධතියේ විද්‍යාඥයින්ට පශ්චාත් උපාධි පාඨමාලා සදහා ඉදිරි වසර 5 ඇතුළත වර්ෂයකට මිලියන 300 බැගින් වෙන් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී විජයරත්න මහතා, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති ආචාර්ය එස්.ඩී.ජී. ජයවර්ධන මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා යන නියෝජිත මණ්ඩලය මැලේසියා පුත්‍ර විශ්ව විද්‍යාලය, තායිලන්තයේ කැසට්සාට් විශ්ව විද්‍යාලය හා පිලිපීනයේ ලොස් බානොස් විශ්ව විද්‍යාලය සමග 2017 නොවැම්බර් මස දී මේ සඳහා සහයෝගතා ගිවිසුම් ගත විය.

එහි ප්‍රතිඵලයක් ලෙස කැසට්සාට් විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා ලද පළමු ශිෂ්‍යත්වය සදහා පළමු අපේක්ෂිකාව ලෙස තෝරාගන්නා ලද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍යාලි ඉරෝෂිණි රත්නායක මහත්මිය වෙත ශිෂ්‍යත්ව ලිපිය හා ගුවන් ගමන් ටිකට් පත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලැබීය.

ඉදිරි වසර 5 ඇතුළත මෙරට කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයන් හට මෙම වැඩසටහන යටතේ ඉහත අවස්ථාව උදා කර ගත හැක. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 January 2018 08:12