April 23, 2024

ඉන්දියාව සමග ඩිජිටල් තාක්ෂණය පිලිබඳ වැදගත් ගිවිසුමක්

ඉන්දියාව සමග තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට අයත් වැදගත් ගිවිසුමක් අත්සන් කිරීමට විදුලි සංදේශ හා ඩිජිටල් කටයුතු පිලිබඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා අත්සන් කරනු ලැබුවේ විදුලි සංදේශ හා ඩිජිටල් කටයුතු පිලිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ඉන්දියානු රජයේ නීතිය හා සාමය, අධිකරණ හා ඉලෙක්ට්‍රොනික්, තොරතුරු තාක‍්ෂණ පිලිබඳ අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද් යන මහත්වරු අතරයි.

ආදර්ශ ඊ කාර්යාල ක්‍රමයක් හා දෙරටේ අධ්‍යාපන ආයතන අතර දුරස්ථ සේවා සහයෝගිතාව පිලිබඳ පුළුල් කතිකාවතක් ඇරඹිමට දෙරටේ අමාත්‍යවරුන් මෙහිදී එකඟ විය.

දැනට ආසියානු කලාපයේ කටයුතු සඳහා ඩිජිටල් තාක‍ෂණය යොදාගැනීමේ වැදගත්කම මෙහිදි අවධාරණය කෙරිණි.

Rate this item
(0 votes)