April 24, 2024

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කරගැනීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් දෙරටෙහිම විශේෂඥයින් විසින් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඇත.

භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, සේවා නිදහස්කරණය, ආයෝජන, රාජ්‍ය ප්‍රසම්පාදන, තරගකාරිත්වය ආදී ක්ෂේත්‍රවලට අදාළ විධිවිධාන යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් වේ. කෙටුම්පත් ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණද සැලකිල්ලට ගනිමින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ. මෙම සංශෝධන හඳුන්වාදීම තුළින් ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් ගොඩනැ‍ඟෙන අතර, එම නිසා ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ලැබෙන ඍජු විදේශ ආයෝජන ඉහළ නැංවෙනු ඇත.

ඒ අනුව, අවසන් කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලබාගැනීමට යටත්ව, ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 17 January 2018 15:55