ශ‍්‍රී ලාංකික කාන්තාවන් සඳහා ජපානයේ සාත්තු සේවිකා රැකියා අවස්ථා සියයක් හිමිව ඇතැයි ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ රැකියා අමාත්‍යංශය හා අයි එම් ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා ලබා දී ඇතැයි ද  කාර්යංශය කියයි.

මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස සාත්තු සේවිකා වෘත්තිය සඳහා කාන්තාවන් 100  කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනෙන අතර   මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස රුපියල් 135,000 කට ආසන්න මුදලක් හිමි වනු ඇත.

මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති අපේක්ෂිකාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇති බවත් කාර්යාංශයේ 011 2791814 යන අංකයට දුරකතන ඇමතුමක් ලබාදීම මගින්ද වැඩි විස්තර ලබාගත හැකි  බවත් පැවසේ.