April 19, 2024

නවතම විප්ලවීය ඇස FOXCAM ශ්‍රී ලංකාවට (VIDEO)

ලාංකේය සමාජය තුළ දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළ යන අපරාධ මර්දනය කරන්නට මෙන්ම ඒවායෙහි සුලමුල සොයා විසඳුම් සපයන්නට සහයවන CCTV ආරක්ෂක කැමරා පද්ධතියේ නවතම විප්ලවීය හඳුන්වාදීම FOXCAM හි ශ්‍රී ලාංකේය සම්ප්‍රාප්තිය පසුගිය 6 වන සෙනසුරාදා දින ප.ව. 7.30ට ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

පැය 24 පුරාවටම නොනිදා සිටිමින් සිය සේවය නිසි සේ ඉටුකරලන CCTV ආරක්ෂක කැමරා පද්ධතීන් අතර ලංකාවේ ප්‍රථම වරට සහතික කරන ලද ආරක්ෂණ විසඳුම FOXCAM වීම මෙහිදී සුවිශේෂී වේ. එමෙන්ම මෙහි ඇති විශේෂත්වය නම් ඔබ කොතැනක සිටියද, ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක අන්තර්ජාලය හා සම්බන්ධ වී, CCTV ආරක්ෂක කැමරා තුළින් ඔබ නිවසේ හෝ ආයතනයේ සිදුවන දෑ වීඩියෝ දර්ශන හරහා නැරඹීමට හැකිවීමයි.

දිවයින පුරා අලෙවි නියෝජිත ජාලයකින් ද, ඩිජිටල්/ඇනලොග් CCTV පද්ධතියක් මෙන්ම DVR ඒකක සහ උපාංගවලින් ද සමන්විත මෙම FOXCAM සඳහා ONL පූර්ණ වගකීම සහ අලෙවියෙන් පසු සේවාව ද සපයනු ලබයි. ව්‍යාපාර සහ වාසස්ථානයන් හි පුළුල් ආවරණයකින් යුත් පරිපූර්ණ ආරක්ෂාවක් සඳහා විශිෂ්ටතම ආරක්ෂණ විසඳුම වන FOXCAM, දැන් ඔෆිස් නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සහ දිවයින පුරා විසිරී සිටින බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් ඔබට ලබාගත හැකියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 January 2018 12:46