March 28, 2024

ආරක්ෂක සරසවිය හා ශ්‍රී ලංකන් එක්ව පාඨමාලාවක්

ශ්‍රිමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ශ්‍රි ලංකන් එයා ලයින්ස් ගුවන් සමාගම එක්ව ගුවන් යානා නඩත්තු උපාධි පාඨමාලාවක් ඇරඹීමේ වු ගිවිසුමට අත්සන් තැබීම පෙරේදා (4) සිදු කරනු ලැබීය.

ශ්‍රිමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය උප කුලපති රිය අද්මිරාල් ජගත් රණසිංහ මහතා සහ ශ්‍රි ලංකන් එයාලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන්  සුරේන් රත්වත්තේ යන නිලධාරිහු මෙම ගිවිසුමට අත්සන් කළහ.

එහිදී දේශිය සහ විදේශිය සිසුන්ට මෙම උපාධි පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසා ඇති බව ශ්‍රිමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය ශ්‍රවණාගාරයේදී අද පැවති මාධ්‍ය හමුවේදී එහි උප කුලපති රිය අද්මිරාල් ජගත් රණසිංහ මහතා පැවසීය.

 

Rate this item
(0 votes)