April 25, 2024

සිතා මතා හානි කරන ලද මුදල් නෝට්ටු භාර ගැනීමේ දිනය දිගු කරයි

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කරගැනීමට දී තිබූ කාලසීමාව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් මහජනතාව මුහුණ දෙමින් සිටින අපහසුතාවයන් මෙන්ම අති විශාල මහජන ඉල්ලීම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, එවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කර ගැනීමේ කාල සීමාව 2018 මාර්තු 31 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතාමතා විකෘති කිරීම, හානි කිරීම හෝ වෙනස් කිරීම 1949 අංක 58 කරන මුදල් නීති පනත යටතේ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදකි.

මුදල් නීති පනතේ රෙගුලාසි ඊ යටතේ සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද නෝට්ටු සඳහා කිසිදු හිමිකම් පෑමක් නොලබන අතර එවැනි නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රඳවා ගත යුතුය.

ඒ අනුව, මෙවැනි මුදල් නෝට්ටු අත දරන්නා හට 2018 අප්‍රේල් 01 සිට එම නෝට්ටුවල මුහුණත වටිනාකමෙහි අලාභය දරා ගැනීමට සිදුවනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 January 2018 08:50