April 25, 2024

මත්ස්‍ය අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්

December 30, 2017

යුරෝපා සංගමය මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු මත්ස්‍ය ආහාර අපනයන වලින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 

මේ අනුව මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට මත්ස්‍ය ආහාර අපනයන පෙන්නුම් කරන ලද වර්ධනය සියයට 45.9ක් යැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පෙන්වාදෙයි.

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී යුරෝපා සංගමයට කරන ලද අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262ක් යැයි ද එහි වටිනාකම රුපියල් මිලියන 28,685ක් යැයි ද ධීවර අමාත්‍යාංශය දත්ත වාර්තා සඳහන් කරයි.

ඒ අනුව පසුගිය වසරේ මුල් මාස නවය හා සැසඳීමේදී අපනයන වර්ධනය සියයට 45.9ක් යැයි ද අපනයන ආදායමේ වර්ධනය සියට 47.7ක් යැයි ද ධීවර අමාත්‍යාංශ තවදුරටත් සඳහන් කරයි. 

මේ අතර අනුරූප කාලපරිච්ඡේදයේ දී යුරෝපා වෙළෙඳපොළ වෙත කළ මත්ස්‍ය ආහාර අපනයන සියයට 153 කින් වර්ධනය වී මත්ස්‍ය ආහාර අපනයන ආදායම සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

ශ්‍රී ලංකා බැංකුවේ සැප්තැම්බර් මාසයේ සමස්ත මත්ස්‍ය ආහාර අපනයන සංඛ්‍යා දත්ත වලට අනුව මේ වසරේ මුල් මාස නවයක කාලයේදී ලබාගෙන ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 176.2කි. එය පසුගිය වසරේ මුල් මාස නවයක කාලයේදී ලැබූ ඩොලර් මිලියන 123.0ක ආදායම හා සැලකීමේදී සියයට 43.2ක වර්ධනයකි. 

Rate this item
(0 votes)