April 19, 2024

ආහාර සුරක්ෂිත දර්ශකයේ දකුණු ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට

December 27, 2017

ලෝක ආහාර සුරක්ෂිත දර්ශකයේ දකුණු ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ආර්ථික ඒකකය ඩුපොන්ට් සමාගමේ අනුග්‍රාහකත්වය අනුව වාර්ෂිකව මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

ලෝකයේ රටවල් 113ක් අතරින් ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය හිමිව ඇති අතර ඒ අනුව දකුණු ආසියානු රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි.

පහසුවෙන් ලබා ගත හැකි වීම, සුබලතාව, ගුණාත්මක හා ආරක්ෂාව ප්‍රධාන කරුණු 03ක් යටතේ ක්ෂේත්‍ර 28 දත්ත උපයෝගී කරගෙන මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවට පසුව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව වන අතර 74 වැනි ස්ථානයේ පසුවෙයි.

මෙම දර්ශකයේ ඉදිරියෙන්ම අයර්ලන්තය පසුවෙයි. ඇමෙරිකාව හා එංගලන්තය දෙවැනි හා තෙවැනි ස්ථානවලට් පත්ව ඇත.

Rate this item
(0 votes)