April 25, 2024

ආයෝ­ජන දිරි­ගැ­න්වී­මට මිලි­යන 3400ක බදු නිද­හ­ස්

December 23, 2017

උතුරු නැගෙණහිර පළාත් ඇතුළු රට පුරා එකසේ ව්‍යාප්ත වූ කර්මාන්ත ශාලා බිහි කිරීමේ අපේක්ෂාවෙන් වසර 2018 දී රුපියල් මිලියන 3400 ක බදු නිදහස් කිරීමේ ආයෝජකයින්ට ලබාදීමට රජය තීරණය කරති‍බේ.

උතුරු පළාතේ සිදු කරනු ලබන ආයෝජන වලින් 200% ක් , නැගෙණහිර පළාත් වල සිදුකරන ආයෝජන වලින් 100%ක් ක්ෂය දීමනා ලබා දීමට තීිරිණය කළ බව මුදල් ඇමති මංගල සමරවීිර මහතා ප්‍රකාශ කළේය.

ජීවිත රක්ෂණ , තොරතුරු තාක්ෂණ ව්‍යාපාර , පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්‍රවල ව්‍යාපාර දියුණු කිරීමේ අරමුණෙන් රජය පිළිවෙලින් රුපියල් මිලියන 1120 රුපියල් මිලියන 2000 සහ රුපියල් මිලියන්280 බදු සහන පිරිනමන බව ද ඇමතිවරයා කීය.

පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීම සඳහා ඉදිරි් වසර 04ක් කාලයක් පුරා 50%ක බදු සහන ලබාදීමටද තීරණය කරතිබේ.

ජාත්‍යන්තර කලයේ ආයතකයක මූලස්ථාකයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන්නේ නම් වසර 03 ක බදු නිදහසක් හිම් වනබවද ඇමතිවරයා පැවසීය

Rate this item
(0 votes)
Last modified on Friday, 22 December 2017 10:42