April 25, 2024

දෘෂ්‍ය හා ශ්‍රවණාබාධ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය ඉදි කිරිමට රුපියල් මිලියන 185ක්

December 22, 2017

නාරාහේන්පිට ඉදිකිරීමට යෝජිත පිළිකා රෝග කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානය සහ දෘෂ්‍ය හා ශ්‍රවණාබාධ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

ඩයලොග් ආයතනය සහ කොළඹ රොටරි සමාජය ඒකාබද්ධව මෙම මධ්‍යස්ථානය ඉදිකරන අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 185 කි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා සහ ඩයලොග් ආයතනය වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ගිවිසුමට අත්සන් කරන ලදි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“මෙම ව්‍යාපෘතිය 2004 වසරේ සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබුනත් වසර 13 ක කාලයක් එය ප්‍රමාද වුනා. ඒ සදහා විවිධ හේතු බලපෑවා. නමුත් ඩයලොග් ආයතනය සමග රොටරි සමාජය ඒකාබද්ධව එම ගොඩනැගිල්ල උපකරණ සහිතව ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. ඉඩම පිළිබදව ගැටලු තිබුන ද එය පසුව විසදා ගත්තා. ඩයලොග් ආයතනයෙන් 2018 වසරේ දී සෞඛ්‍ය සේවාවට තවත් ආධාර ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ද දේශනා කර ඇත්තේ “ආරෝග්‍යා පරමා ලාභා” කියලා. මෙය පුණ්‍ය කටයුත්තක්.”

 

Rate this item
(0 votes)