April 25, 2024

නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලට රුපියල් මිලියන 1700 ක්

December 19, 2017

රජයේ රෝහල්වල නොමිලේ අක්ෂි කාච ලබා දීමේ වැඩපිළිවෙල සදහා 2018 වසරේ දී රුපියල් මිලියන 1700 කට වැඩි මුදලක් වැය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

2018 වසරේ දී අක්ෂි කාච ඉල්ලුම 150,000 ක් බව දැනට ඇස්තමේන්තු කර ඇති බවත්  2017 වසරේ දී අක්ෂි කාච ලක්ෂයක් ආනයන කර රජයේ රෝහල් වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදුකර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ එය ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් ගැටලු මතු වූවත්, 2018 වසරේ දී කිසිදු ගැටලුවකින් තොරව නොමිලේ අක්ෂි කාච ලබාදෙන බවයි.

වයස අවුරුදු 40 ට වැඩි, වැඩිහිටි ජනගහනයෙන් සියයට 1.7 ක් මේ වන විට අක්ෂි රෝග වලට ගොදුරුව ඇති බවත් 2026 වන විට වැඩිහිටි ජනගහනයෙන් සියයට 26 ක් අන්ධ භාවයට පත්වන බවට සංඛ්‍යා ලේඛණ අනාවරණය කර ඇති බවද පැවසීය.

එම නිසා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් ජනතාව අන්ධභාවයෙන් වළක්වා ගැනීමට රජය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

තවද අක්ෂි ශල්‍යකර්ම පොරොත්තු ලේඛණය අවම කර ගැනීම සදහා පෞද්ගලික රෝහල් වල දී ද ශල්‍යකර්ම සිදු කිරීමේ වැඩපිළිවෙලක් 2018 වදරේ දී ආරම්භ කිරීමට නියමිතය බවත්  ඒ සදහා වැය වන මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරනු ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)