April 25, 2024

විකෘති කළ, හානි කළ මුදල් නෝට්ටු මාරු කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 31

December 16, 2017

ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මකා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම යන පුරුදුවලින් වළකින ලෙසද, තම අත ඇති එවැනි මුදල් නෝට්ටු 2017 දෙසැම්බර් 31 දින හෝ එම දිනට පෙර ළඟම ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාව වෙතින් හුවමාරු කර ගන්නා ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී සිටී.

කෙසේ වුවද, සිතා මතා විකෘති කිරීමක්, වෙනස් කිරීමක් හෝ හානි කිරීමකින් තොරව මුදල් සංසරණයේ සාමාන්‍ය භාවිතයේ දී පළුදු වූ මුදල් නෝට්ටු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හා බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා පවත්නා ක්‍රමවේදයන්ට අනුව හුවමාරු කර එහි වටිනාකම ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවට මෙවැනි සිතා මතා විකෘති කරන ලද වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ප්‍රතිස්ථාපනය වෙනුවෙන් විශාල මහජන මුදලක් වැය කරමින් මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන ප්‍රමාණය ඉහළ දැමීමට සිදුවන බවත් එම මහජන මුදල් එසේ නොවන්නේ නම් වඩා වැදගත් අරමුණු වෙනුවෙන් යෙදවිය හැකි බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

තවද සිතා මතා විකෘති කරන හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා කිසිදු ගෙවීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බැඳී නොමැති බව ද අවධාරණය කර සිටී.

Rate this item
(0 votes)