April 23, 2024

මුහුදු රළ විදුලි උත්පාදනය වෙනුවෙන් පින්ලන්ත රජයේ සහාය

December 13, 2017
දකුණු ආසියාවේ පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය සපයනු ලබන, 100% ක් විදුලියනයවූ  එකම රට වශයෙන් හැඳින්වෙන ශ‍්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තීන් වර්ධනය කිරීම සඳහා සිය රටේ සහාය ලබාදීම සම්බන්ධයෙන් පින්ලන්ත මුදල් නියෝජ්‍ය අමාත්‍ය Jyrki Katainen මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා කළේය.
 
මුහුදු රළ මගින් විදුලිය නිපදවීම පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වූ අතර මේ සඳහා පින්ලන්ත රජයේ තාක්ෂණික ඥාණය මෙන්ම සහන ණය ලබාදීමටත් කටයුතු කරන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.
 
Rate this item
(0 votes)