March 29, 2024

24 Megapixel ඉදිරිපස කැමරාව සමඟ එන සෙල්ෆි කලාවේ නවතම පෙරළිය VIVO V7 දැන් ශ්‍රී ලංකාවේ

December 11, 2017

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නමයක් වන VIVO සහ V – Series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7 දුරකතනය පසුගියදා කොළඹදී පැවතී උත්සවයකදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. ස්මාර්ට් ජංගම දුරකතන ලෝකයට එක් වූ විප්ලවීය තාක්ෂණයක් වන 24MP (Front Camera) ඉදිරිපස කැමරාව සහ සුවිශේෂී Full View (Display) තිරය සමඟින් එන VIVO  V7 දුරකතනය සෙල්ෆි ජායාරූප කලාවේ විප්ලවයක් කළ VIVO V- Series දුරකතන පෙළට එක්වූ නවතම සාමාජිකයා වෙයි. V – Series දුරකතනය පෙළ එහි අද්විතීය ජායාරූපමය අංගයන්, පැහැදිලි තිරය හා සමස්තයක් වශයෙන් ගත් කළ නිෂ්පාදනයේ අගනා නිමාව පිළිබඳව කීර්තියක් උසුලන නිෂ්පාදන පෙළකි.

අති නවීන තාක්ෂණයකින් යුත්  VIVO ස්මාර්ට් ජංගම දුරකතනය ලොව පුරා පාරිභෝගිකයින්ට ඉහළම ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් ලබා දෙමින් ඔවුන්ගේ ජිවිතවලට පහසුව, සැහැල්ලුව, විනෝදය හා කාර්යක්ෂමබව එක් කර ඇත. මේ නිසා ලොව ජනප්‍රියතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් බවට පත්ව ඇති VIVO ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිසීම ගුණාත්මකබව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ඉතා වැදගත් වනු ඇත.

සෙල්ෆි ඡායාරූප කලාවේ පෙරලිය

VIVO  V7 ජංගම දුරකතනයේ එන විශේෂිතම අංගය වන 24MP  ඉදිරිපස කැමරාව නිසා සෙල්ෆි ජංගම දුරකතන අතර සුවිශේෂී තැනක් එයට හිමි වේ.

හොඳම දෘශ්‍යමය අත්දැකීමක් ලබා දෙන 18:9 aspect ratio FullViewTM තිරය

VIVO  V7 දුරකතනය 18:9 aspect ratio ඇති අඟල් 5.7 ක FullView (Display) තිරයක් සමඟින් එන අතර එය සම්ප්‍රදායික 16:9 තිරයට සාපේක්ෂව 12.5%කින් වඩා පුළුල් තිරයකි.

විශේෂාංගයන්ගෙන් සමන්විත (OS) මෙහෙයුම් පද්ධතිය සහ ඉහළම තත්ත්වයයේ ක්‍රියාකාරිත්වය

 VIVO  V7 දුරකතනය 64-bit Qualcomm octa-core CPU එකකින් සහ 4GB RAM ධාරිතාවයකින් සමන්විත නිසා එය භාවිතා කිරීමේදී නොනැවතී ගලායන පහසු අත්දැකීමක් ලබා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 December 2017 15:58