April 19, 2024

පොළොන්නරුවේ ඉදිකරන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල (VIDEO)

December 08, 2017

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත්‍රශීලි පරිත්‍යාගයක් අනුව රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල් ගල් තැබීම පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු විය.

වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ඉදිකෙරෙන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස ඉදි කෙරේ.

පොළොන්නරුව මහ රෝහලට නුදුරින් 28 කණුව ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා වැය කෙරෙන සම්පූර්ණ මුදල චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීම විශේෂත්වයකි.

උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය.

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරන සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ආදී සියලු සේවාවන් මෙම රෝහල මගින් සැපයෙන අතර මූලික ප‍්‍රතිකාර ඒකකයක් සහිත බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුත් නේවාසික රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහ නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක දෙකක් සහ ලේ් බැංකුවක් මීට ඇතුළත්ය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)