December 15, 2017

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය විවෘත කෙරේ

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ 01, යෝර්ක් වීදියේදී විවෘත කෙරිණි.

ශ‍්‍රී ලංකා බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂි මං සලකුණක් සනිටුවහන් කරමින් මහජන බැංකුව හදුන්වා දි ඇති ඩිජිටල්කරණ කි‍්‍රයාදාමයට සමගාමීව තොරතුරු තාක්ෂණ දෙපාර්තුමේන්තුවේ කි‍්‍රයාවලිය තවත් වැඩිදිියුණු කිරිමේ අරමුණින් මෙම නව්‍යතා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

 මහජන බැංකුවේ පහළම ස්ථාවරයේ සිට ඉහළම ස්ථාරය දක්වා සියලූම මෙහෙයුම් අංශ ඇතුළත් වන පරිදි සමස්ත මෙහෙයුම් ආකෘතියම ආවරණය කරමින් අංග සම්පුර්ණ ඩිජිටල් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන දිවයිනේ ප‍්‍රථම බැංකුකරණ ආයතනය වන්නේ මහජන බැංකුවයි.  එමෙන්ම මෙම වැඩසටහන ඔස්සේ මහජන බැංකුවට ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පරිණාමයට සමගාමීව ඉහළම තලයේ සේවාවන් සැලසීමේ හැකියාව සැලසේ.

දැනට ලොව පවතින දියුණුතම තාක්ෂණික පදනමක් සිය ඩිජිටල්කරණ ක‍්‍රියාවලිය සදහා මහජන බැංකුව උපයෝගී කරගෙන තිබේ. බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙරමුණට පැමිණීමට උපකාරී වන මෙම නවතම තාක්ෂණය, ශාඛා ජාලය සමග සම්බන්ධ කරන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම නව්‍යතා මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත.

 

Rate this item
(0 votes)