April 23, 2024

ජනපතිගේ සිහිනය සැබෑ වෙයි: මොරගහකන්ද විදුලිබල උත්පාදනයට සූදානම් (PHOTOS)

December 04, 2017

මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම පසුගිය 02 වනදා දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිදු විය.

පවතින අධික වැසි තත්ත්වයත් සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප‍්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප‍්‍රමාණය පසුගිය 01 වනදා වන විට සම්පූර්ණ වී තිබුණි.

පසුගිය 02 වනදා දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කළ අතර, අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සඳහා ජලය නිකුත් කිරීම සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මෙය රජ රට ජනතාව වෙනුවෙන් තමා දිගු කලක සිට දුටූ සිහිනයක් බවත් එම සිහිනය මල් ඵල ගැන්වෙන තවත් සුවිශේෂී දිනයක් වූ අද දින උදාවන තුරු තමා බලා සිටි බවත්ය.

නකල්ස් කඳු වැටියේ වාරි විශ්මිතය බවට පත්වන මොරගහකන්ද ජලාශය මගින් ගොවී ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් එක් කරයි.

පසුගිය 02 වනදා සිට දින 04 ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පැය 72 ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

ජලයේ අධි පීඩනය මත කි‍්‍රයාත්මක වන ටර්බයින් යන්ත‍්‍ර හතරකින් මෙහි විදුලිබලය නිපදවෙන අතර ඒවා මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද සමන්විතය.

මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය කි‍්‍රයාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

මෙ මඟින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වේ.

DCIM\100MEDIA\DJI_0027.JPG

DCIM\100MEDIA\DJI_0011.JPG

Rate this item
(0 votes)