April 20, 2024

විවෘතභාවය හා පුද්ගලිකත්වය සමබර කරමින් ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යා යුතුයි – ඉන්දීය අගමැති

November 26, 2017

එක් අතකින් පුද්ගලිකත්වය හා විවෘත භාවය සමබර කරමින් ද, අනෙක් අතින් අන්තවාදී හා ත්‍රස්තවාදී කළු අශ්වයන්ට ඩිජිටල් පිටිය විවෘත නොකරමින් ද, ඩිජිටල් තාක්ෂණය ඉදිරියට ගෙන යා යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කරමින් පැවසීය.

23 වන දා නවදිල්ලි නුවර පුල්මන් හෝටලයේ එරොසිටි හි දී පැවති සමාරම්භක උත්සවයේ දී මෝදි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්දියාව ඩිජිටල් තාක්ෂීණය ඔස්සේ දූෂණ මැඬලීමට හා නාස්තිකාර වියදම් අවම කිරීමට ද, ජනතා ජීවන තත්වය ඉහළ නැංවීමට ද ක්‍රියා කර ඇති බව ය.

ඩිජිටල් තාක්ෂරණය යහපාලනය සඳහා යොදවා ගෙන ඇති අන්දම පිළිබඳවත්, එමගින් ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.

ලෝකය එකම පවුලක් යන්න ඉන්දියාවේ පැරණි කියමනක් බව පැවසූ මෝදි මහතා ඒ කියමන නවීන ලෝකය හා බද්ධ කරලීම උදෙසා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලැබෙනුයේ මහඟු පිටිවහලක් බව අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීමටත්, මානුෂික මුහුණුවරකින් යුතු තාක්ෂණ ක්‍රමවේදයන් ඉහළට එසැවීම සඳහාත් සයිබර් අවකාශය ඔස්සේ ලැබෙන අවස්ථාවන් පිළිබඳව ද මෝදි මහතා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)