April 24, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක්

November 25, 2017

මෙගා වොට් 100 ක ධාරිතාවයෙන් යුත් සුළං බලාගාරයක් මන්නාරම දූපතේ ඉදිකිරීම සඳහා සහ මහා මාර්ග කිලෝ මීටර 340 ක් ඇතුළුව ග්‍රාමීය මංමාවත් කිලෝමීටර 3400 ක් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් 350 ක ආධාරයක් සඳහා පසුගියදා (22) ගිවිසුම් දෙකකට එළඹෙන ලදී.

මෙම ගිවිසුම යටතේ සංවර්ධනය කරනු ලබන මාර්ග සියල්ල, ඕනෑම කාලගුණික තත්ත්වයන්ට සරිලන පරිදි සංවර්ධනය කිරීම හා නඩත්තු කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘති දෙක සඳහා වන ගිවිසුම් දෙකකට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති වෙන්චයි ෂැන්ග් (Mr. Wencai Zhang) මහත්වරු ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

 

 

Rate this item
(0 votes)