April 25, 2024

කොළඹ කොටස් හුවමාරුව සහ කොරියානු කොටස් හුවමාරුව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

November 23, 2017

දෙරටෙහි කොටස් වෙළෙඳපොළවල් අතර ආයෝජන අවස්ථා හා සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ කොරියානු කොටස් හුවමාරුව (KRX) අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගිය දින සිදුවිය.

KRX සභාපති ජ්යිවොන් ජ්න්ග් මහතා සහ CSE සභාපති රේ අබේවර්ධන මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. තොරතුරු සහ දැනුම හුවමාරුව, තාක්ෂණික හුවමාරුව සහ අනෙකුත් පොදු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා අනාගතයෙදී සමීපව කටයුතු කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.

මෙම ගිවිසුම හරහා KRX ආයතනයේ අත්දැකීම් හා තාක්ෂණය භාවිතා කරමින් ආයතනවල සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීමටත්, දෙරටෙහි ප්‍රාග්ධන වෙළෙඳපොළවල් වර්ධනය කිරීමට කැපවෙන බව KRX සභාපති ජ්යිවොන් ජ්න්ග් මහතා පැවසීය.

මෙම ගිවිසුම පිළිබදව අදහස් දක්වමින් CSE සභාපති රේ අබේවර්ධන මහතා පවසා සිටියේය.

“මෙම ගිවිසුම තුලින් කොරියානු කොටස් හුවමාරුව (KRX) වැනි ඉදිරි පෙළේ ආයතනයක් සමග සහයෝගීව කටයුතු කිරීම සදහා අපට අවකාශය ලැබෙනවා. ඉදිරියෙදී දෙරට තුල ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා”

KRX හුවමාරුවෙහි සුරැකුම්පත් 2000කට අධික ප්‍රමාණයක් ලැයිස්තුගත වි ඇති අතර එමගින් කොරියානු ආර්ථිකයට දියුණුව සලසයි. මිලියන 50කට අධික ජනගහනයක්ද දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.6ක් සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් 32,800කින් හෙබි කොරියානු ආර්ථිකය, ආසියාවේ පවතින විශාලතම හා විශිෂ්ඨතම පාරිභෝගික වෙළෙඳපොළවල් අතුරින් එකක් ලෙස සැලකේ.

කොළඹ කොටස් හුවමාරුව පිළිබඳව:

කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් ලයිස්තුගත සමාගම් වලට හා ආයෝජකයන්ට හමුවීම සඳහා අවශ්‍ය පාරදෘශ්‍ය හා විධිමත් පරිසරය සකස් කෙරෙයි. සාමාජික ආයතන 15 කින් හා ගනුදෙනුකරන සාමාජික ආයතන 17 කින් සමන්විත මෙය ශ්‍රී ලංකාවේ නෛතික රාමුවට අදාලව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබෙන අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් අධිකාරිය ලබා තිබේ. මෙම සියලුම සාමාජික ආයතන හා ගනුදෙනු කරන සාමාජික ආයතන කොටස් තැරැව්කරුවන් ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් බලපත්‍ර ලබාගත යුතුය. වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 November 2017 10:57