April 20, 2024

ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඔපෝ - එෆ්5

November 18, 2017

ඔපෝ සමාගම නව ඔපෝ එෆ්5 දුරකථනය නිල වශයෙන් මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ තමන් ලද සාර්ථකත්වය සංකේතවත් කරමින් නව සන්නාම පාඨයක්ද එහිදී හඳුන්වා දෙන ලදි.

මේ වනවිට ඔපෝ දුරකථන රටවල් 28 ක මිලියන 200ක් පමණ භාවිත කරන බවට එම ආයතනය පවසයි.

ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් එෆ්එච්ඩී පුළුල් තිරයක් සහිත ප‍්‍රථම දුරකථනය මෙම දුරකථනය වන අතර, සෙල්ෆි ඡායාරූප තවත් අලංකාර කරන පුරෝගාමී තාක්ෂණයක් වන ඒ.එල් බියුටි තාක්ෂණයද මීට ඇතුළත් ය.

මෙම දුරකථනය දැන් දිවයින පුරා අලෙවිසල්වලින් මිලදීගත හැකි බව එම ආයතනය පැවසීය.

එම ආයතනය රසිකයන්ට මාදිලි කිහිපයක් අතරින් තමන් කැමති මාදිලිය තෝරාගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා එෆ්5 6GB සහ එෆ්5 යූත් ලෙස තවත් මාදිලි දෙකක්ද හඳුන්වා දෙනු ලබන අතර මෙම මාදිලි එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට මිලදීගැනීමට හැකිය.

Rate this item
(0 votes)