April 19, 2024

ධීවර කර්මාන්තයේ මහා පරිමාන ආයෝජනය වෙනුවෙන් චීන ආයෝජකයින් කැමැත්ත පල කරයි

November 17, 2017

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සදහා හදුන්වා දී ඇති “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල හා බද්ධ වෙමින් ධීවර කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කර ධීවර ව්‍යවසායකයින් බිහිකිරීම සදහා අවශ්‍ය සියළු ආයෝජනයන් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (16) දින හමුවූ චීන ආයෝජකයින් කැමැත්ත පළ කළහ .

මෙම චීන ආයෝජකයින් අවධාරණය කලේ වත්මන් රජය 2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මගින් ධීවර ක්ෂේත්‍රයේ විදෙස් ආයෝජන දිරිමත් කිරීමට ගෙන ඇති පියවර ඉතා ප්‍රසංසනීය බවය .

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම චීන ආයෝජක කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත යොමු කර තිබුණි . ඒ අනුව එම චීන ආයෝජකයින් ඊයේ (16) දහවල් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමග දීර්ඝ ලෙස සාකච්ජා කළහ .

එහිදී මෙම චීන ආයෝජකයින් පැවසුවේ ටින් මාළු කර්මාන්තය , ජලජිවි වගාව , මුහුදු ජලජිවි වගාව මෙන්ම ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සදහා ආයෝජනය කිරීමට සුදානම් බවය .

ලොව දෙවැනි විශාලතම ටින් මාළු කර්මාන්තයට හිමිකම් කියන මෙම චීන ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ධීවර ජනතාවගේ ආර්ථිකය සවිබල ගන්වමින් අදාළ ආයෝජනයන් සදහා ඉදිරිපත් වීම වඩාත් ඵලදායි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී පෙන්වා දුන්නේය .

Rate this item
(0 votes)