March 28, 2024

වික්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි මාලාවක්

November 15, 2017

වික්‍රමාන්විත සංචාරක සේවා නඟා සිටුවීම සඳහා නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු කර තිබේ.

මේ අනුව භූමිය, ජලය සහ ගුවන ආශ්‍රිත වික්‍රමාන්විත ක්‍රීඩා ක්‍රියාකාරකම් ක්ෂේත්‍ර 10කට වෙන් කර එක් ක්ෂේත්‍රයක් සඳහා ප්‍රවීනයින්ගෙන් සැදුම්ලත් උපදේශන කමිටු 10ක් පත්කර ඇති බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කළේය.

මෙම කමිටුවල නිර්දේශ ඇතුලත් වික්‍රමාන්විත සංචාරක සේවා සඳහා මාර්ගෝපදේශ ලබන මාර්තු මාසයේදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ඇති බව සඳහන් වේ.

මෙහිදී වික්‍රමාන්විත සංචාරක සේවා සපයන්නෙකු ලියාපදිංචි කර ගන්නා අවම සුදුසුකම් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)