April 25, 2024

මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් ඇල්ල දුම්රිය ස්ථානයට

November 13, 2017

මහජන බැංකුවේ ස්වයං ටෙලර් යන්ත‍්‍රයක් ඇල්ල දුම්රිය ස්ථානයේදි විවෘත කිරිම පසුගියදා සිදුකෙරිණි.

සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ඇල්ල දුම්රිය ස්ථානයේ ස්ථාපිත කළ මෙම ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍රය තුළින් දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම ප‍්‍රදේශවාසින්ටද වසරේ දින 365ම, සතියේ දින හත පුරා, දිනයේ පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම සලසා ඇත.

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදි සිදුකරගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව ප‍්‍රවාහන අමාත්‍යංශය හා එක්ව දිවයින පුරා මහජන බැංකුවේ මුදල් තැන්පතු යන්ත‍්‍ර CDM සහ ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍ර ATM 100ක්  දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ඉදිකිරිමේ වැඩපිළිවෙල යටතේ මෙය ස්ථාපිත කෙරිණි.

දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර, පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙලට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ කි‍්‍රයාවලියට සමගාමීව මෙය කි‍්‍රයාත්මක වේ.

Rate this item
(0 votes)