November 22, 2017

2018 අයවැය යෝජනා

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් (09) දින මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් ලෙස ගණන් බලා තිබේ.

2018 වසර සඳහා වන අයවැය කතාව අද (09) ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (10) සිට ලබන 16 වැනිදා දක්වා පුරා දින හයක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 16 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

2018 අයවැය යෝජනා

- අයවැය 2018 මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය.

- ඉඩම් හා දේපළ ගැන මනා හිමිකාරිත්වයක් නොමැතිවීමෙන් මනා සංවර්ධනයක් අත්කර ගන්න බෑ. ඉඩම් හා දේපළ හිමිකාරිතවයන් හි ගැටලු නිරාකරණය කර ගැනීම වැදගත් වෙනවා.

-අයවැය තිරසාර සංවර්ධන මූලධර්මය මත පදනම්ව සකස්කර තිබෙනවා. නිල හරිත අයවැය අයවැයේ තේමාවයි.

-මේ වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අපි ඇති කර ගැනීමට අපි බලාපොරොත්තුවෙනවා.

-අයවැය හිගය දළ දේශීය නිශ්පාදිතයෙන් 4.5%ක මට්මකට පවත්වා ගැනිමට අපේක්ෂා කරනවා.

-කුඹුරු පනත හා කෘෂි කාර්මික ඉඩම් පනත සංශෝධනය කළ යුතුයි. ස්වකීය වැඩ කරන පැය ගණන සේවකයාට තීරණය කළ හැකි පරිදි සාප්පු හා කාර්යාල ෙස්වක පනත සංශෝධනය කළ යුතුයි.

-රටේ තියෙන සියලුම වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය කරන වාහන බවට පත් කළ යුතුයි. 

-විදුලි ත්‍රීරෝද රථ හා බස් රථ ඇතුළු විදුලියෙන් ධාවනය වන රථවාහන බදු අඩු කරනවා.

-විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කරනවා.

-එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්ධක්.

-ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ. විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා සහන. 

-දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන

-එයාර් බග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා කෙරේ. 

-විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

-සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ.

-ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක නිශ්පාදන බද්දක් පැනවීමට යෝජනා කෙරෙයි.

-කාබන් බද්දක් හඳුන්වාදෙනවා. 

-අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කෙරේ.

-නාගරික ගංවතුර පාලනය ඉලක්ක කරමින් කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ගංවතුර පාලනයට ආරක්ෂණ බැම්මක් ඉදි කෙරේ. වීඔය ඇතුළු ඉහළ ගංගාධාරවල නව බහුකාර්ය ජලාශ ඉදිකෙරේ. 

-පවිත්‍ර ගංගා ව්‍යාපෘතියෙන් කම්හල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම නැවැත්වීමට හැකියි. ඒ සඳහා සහනදායී ණය පහසුකම් 

-මල්වතු ඔය, කුඹුක්කන් හා මා ඔය ආවරණය වන පරිදි භූගත ජලමාපක සවිකෙරේ.

-සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදිකෙරේ. පුස්තකාලයක් , ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී අංගවලින් එම උයන සමන්විතය. මේ සඳහා මාතර නිල්වලා ගඟේ වම් ඉවුරේ සුවිසල් කලාපයක් දැනටම ආරම්භ කර ඇත.

-කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය සකසනවා. පින්නවල අලි අනාථාගාරය යළි ප්‍රතිසංස්කරණය කෙරේ.

-කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය සකසනවා. පින්නවල අලි පර්යේෂණාගාරයක් ඉදි කිරීමට යෝජනා කෙරේ.

-ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කෙරේ.

-ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කෙරේ.

-ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්‍රතිස්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් බිලියන 400ක් වෙන්කෙරේ. මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට ආයෝජන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරේ.

-2018 දී මීගමුව, රැකව, පුත්තලම, මඩකලපුව, නන්දිකඩාල්, මුන්දලම ආදී කලපු 10ක් සංරක්ෂණය කෙරේ.

-වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීමට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ.

-කාලගුණක තත්ත්ව පදනම් කරගත් රක්ෂණයක් ආරම්භ කිරීමට යෝජනා කරනවා. බෝග වර්ග හයක් සඳහා අක්කරයකට රුපියල් 40000ක උපරිමයකට යටත්ව අක්ෂණාවරණයක් දීමට යෝජනා කෙරේ.

-තෝරාගත් භාණ්ඩ කිහිපයකට ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉවත් කෙරේ.

-බහුදින යාත්‍රාවල පසු අස්වනු හානි අවම කරන ශිතාගාර තාක්ෂණ වෙනුවෙන් 50%ක් රජය විසින් දරනු ලබයි.

-බහුදින යාත්‍රාවල ශීතාගාර තාක්ෂණ සඳහා සියයට 50ක් රජය විසින් දරනු ලබයි.

-හලාවත, මිරිස්ස, කරෙයිනගර්, පුරාණවැල්ල ධීවර වරායන් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1750ක් වෙන් කෙරේ.

-මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට සහ සැකසීමට විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ සඳහා පෞද්ගලික අංශයටද අවස්ථා ලබා දේ.

-සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරික යෝජනාවේ සක්‍යතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට ණය ලබාගැනිමට අවස්ථාව දෙනවා. ආනයන අපනයන සංවර්ධන බැංකුවක් ඇතිකරනවා. ආනයන අපනයන සංවර්ධන බැංකුව ඉදිකිරීමට රැපියල් මිලියන 10000ක් වෙන් කරනවා.

-කුඩා ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට සහන ලබාදෙනවා. ව්‍යාපාරික කුසලතා දියුණු කරීම සඳහා ආධාර ව්‍යාප්ත කරනවා. මිලියන 2200ක් වෙන්කරනවා.

-කොටස්කරුවන් සහිත කුඩා ව්‍යාපර ඇති කිරීමට සහාය දෙනවා. ඒ සඳහා මිලියන 500ක් වෙන්කරනවා.

-කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිය ලබාදීමට කාන්තා ව්‍යවසායකයන් සඳහා පොලී අනුපාත සහනයක්.

-විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ව්‍යාපාර සඳහා යොමුවීමේදී පොලී සහන.

-කුඩා හා මධ්‍යම ව්‍යාපාර ණය ලබා ගැනීමට ඇපකර අරමුදලකට රුපියල් මිලියන 500ක්.

-තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලින් පාඨමාලා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්.

-අපයනය කරන දේශීය කර්මාන්ත ශාලා බල ගැන්වීමට කටයුතු කෙරේ.

-ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන ආයතන (ප්‍රමිති ආයතනය වැනි) සංවර්ධනය කිරිමට කටයුතු කෙරේ.

-කිරි, ඖෂධ වැනි නිෂ්පාදයන් සඳහා කර්මාන්ත උපකරණ ආනයන කිරීමේදී බදු සහන.

-කුකුළු පාලනය - දේශීය බඩ ඉරිඟු ආනනය ලිහිල් කෙරේ. කුළුලු ගහණය මිලියන 500ක් දක්වා වැඩි කිරීමට කටයුතු කෙරේ.

-ශ්‍රී ලංකාවේ මල් නිෂ්පාදනය විදේශ වෙළඳපොළට ප්‍රවේශවීමට දියුණු කිරීමට යටිතල පහසුකම් නැංවීමට පියවර.

-මැණික් කර්මාන්තය නැංවීම සඳහා කැපීමට ගෙන්වන මැණික් සඳහා ජාතිය ගොඩ නැගීමේ බද්ද ඉවත් කෙරේ.

-දැව හා දැව නිපැයුම් මධ්‍යස්ථානයක් මොරටුව විශ්වවිද්‍යාලය සමග ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 25ක් වෙන්කෙරේ.

-සංචාරකයන් සඳහා පහසුකම් සපයන නිවාස හිමියන්ට ණය ක්‍රමයක්. සංචාරක ව්‍යාපාරයෙන් සිටින බදු නොගෙවන්නන් බදු දැළට හසුකර ගැනීමට පියවර.

-සංචාරකයන් අභිමුඛ වන පරිදි මත්පැන් බලපත්‍ර ලබාදීම වෙනස් කෙරේ.

-දුම්රිය ස්ථාන කොළඹ කෙටුව, නානුඹය දුම්රිය කෞතුකාර ලෙස සංවර්ධනය කිරීමට පියවර.

-මාදුරු ඹය හා ගල් ඔය සෆාරි පහසුකම් සහිතව සංවර්ධනය කෙරේ.

-සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා නව පොලිස් ස්ථාන ඉදි කෙරේ.

-ඕෆ් රෝඩ් ක්‍රීඩා විදුලි වාහන සඳහා බදු සහන.

-ත්‍රිරෝද රථ ව්‍යවසායකයන් බිහිකිරීමට කටයුතු කෙරේ. සංචාරකයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හදුන්වා දීමට පියවර.

-ත්‍රිරෝද රථ රියදුරන් සංචාරක මඟ පෙන්නන්වන් වශයෙන් පුහුණු කෙරේ. ඔවුන්ට නොමිලයේ පුහුණුව.

-ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කෙරේ.

-උතුරු නැගෙනහිර යළි පදිංචි කිරිමේදි නිවාස ඉදිකිරීමට තවත් මිලියන 3000ක් වෙන් කෙරේ.

-නාගරික ජනාවාස වෙනුවෙන් රුපියල් බිලියන 17.5ක් ලබන වසරට වෙන් කෙරේ.

-අඩු ආදයම් ලාභීන් වෙනුවෙන් නිවාස ඒකක 20000ක් 2020දී ලබාදෙනවා.

-මත්පැන් මත ජාතිය ගොඩ නැගීමේ බද්ද 2018/4/01 සිට පනවනවා. මධ්‍යසාර බදු ව්‍යුහය යථාවත් කරනවා.

-පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයන කිරීමේදී නීති පනවනවා.

-සුවසැරිය ගිලන් රථ සේවයට සහාය ලබා දෙනවා.

-ජාතික රෝහලට ලිංගාශ්‍රිත රෝග ඒකකයක් ඉදිකරනවා. මාතර ළමා පරිපාලන ඒකකය කඹුරුපිටියට ගෙන යනවා. බේරුවල රෝහල සංවර්ධනයට මිලියන 375ක්

-හෘද රෝග නිවාරණ ඒකකයක් ඉදිකරිමට රිජ්වේ ආර්යා රෝහලට මිලියන 400ක්.

-රජයේ බෙහෙත් ජාලය ශක්තිමත් කිරිමට රුපියල් මිලියන 100 වෙන් කෙරේ.

-පැණි බීම සඳහා සීනි ග්‍රෑමයකට ශත 50ක බද්දක්

-ළමයින් අතර බෝනොවන රෝග වැඩිවීම පාලනය කිරීමට කටයුතු කරනවා. 16:55 - වකුගඩු ඒකක තුනක් ඉදිකරනවා.

-ප්‍රවීණයන්ගේ තරග සඳහා ජාත්‍යන්තර නියෝජනය කරන අය වෙනුවෙන් මිලියන 50ක් වෙන්කරනවා.

-ක්‍රීඩා සපත්තු ආනයනයේදී තීරු බද්ද ඉවත්කරනවා.

-තහනම් උත්තේජක භාවිතයේ ප්‍රවණතාවක් තිබෙනවා. එය වැළැක්වීමට පියවර ගන්නවා. සුගතදාය ගෘහස්ථ ක්‍රීඩාංගණය රජය හා පෞද්ගලික අංශය එක්ව සංවර්ධනය කරනවා.

-2020 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට. හෝමාගම දියගම රාජපක්ෂ ක්‍රීඩංගණය සංවර්ධනය කරනවා.

-දිස්ත්‍රික් හා පළාත් ක්‍රීඩාගාර සංවර්ධනය කරනවා. දිගන, පොලොන්නරුව, කල්මුණ ක්‍රීඩාගාර සංවර්ධනය කරනවා. මාතලේ හොකී ක්‍රිඩාංගණය දියුණු කරනවා.

-ග්‍රාමීය ක්‍රීඩාංගණ 100ක් සංවර්ධනය කිරීමට මිලියන 100ක්. මහපොළ නිර්නායක සඳහා සලකා බලන ආදායම් මට්ටම ලක්ෂ 3 සිට ලක්ෂ 5ට වර්ධනය කරනවා.

-දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාවක් හදුන්වාදෙනවා. සම්ප්‍රදායික නොවන උපාධි පාඨමාලා හඳුන්ව දීමට කටයුතු කරනවා.

-වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීමට රුපියල් මිලියන 1250ක් වෙන්කරනවා.

-විශේෂ අවශ්‍යතා ඇති ශිෂයින් සඳහා අවධානය යොමුකරනවා. විද්‍යාපීඨ සිසුන් සඳහා දීමනාව වැඩිකරනවා.

-ගුරුවරුන් පුහුණු කිරිමට මිලියන 1200ක්. ස්මාට් පංති කාමර සඳහා මිිලියන 750ක්.

-අවශ්‍යතාවට ගැලපෙන පරිදි විශය වෙනස් කරනවා. අධ්‍යාපන ක්‍රමය අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමයක් ස්ථාපනය කරනවා. ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රතිසංවිධානය කරනවා.

-වසර 13ක අධ්‍යාපනක් ලබාදීමේ අරමුණ ඇතිව අධ්‍යාපනයට ලබාදෙන ප්‍රතිපාදන ව්‍යුහගත කර ඇත. ඒ සඳහා මිලියන 3500ක් වෙන්කරනවා.

-සිසු රක්ෂණ ක්‍රමය හා ටැබ් පරිගණක ලබාදීමේ පොරොන්දුව ඉටුවෙමින් පවතිනවා.

-නව වෘත්තීය පුහුණු පාසල් පහක් ඉදිකරනවා

-රුකියා සඳහා සූදානම් කිරිමේ අරමුදලට රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.

-තරුණ ව්‍යවසයාකයන් සංවර්ධනය කිරීමට අදාළව ඔවුන්ට සමාන අවස්ථා ලබාදෙනවා.

-රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

-ලියාපදිංචි සමාගම් සඳහා ඉඩම් මිලදී ගැනීමේදී ඇති සීමා ඉවත් කරනවා.

-වැවිලි කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙනුවෙන් නිවාස 25000කට රුපියල් මිලියන 2000ක්. 

-ඒකාබද්ධ ගංවතුර පාලන ක්‍රමයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් සඳහා හඳුන්වාදෙනවා. 

-නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට රුපියල් මිලියන 24000ක් වෙන්කරනවා.

-රටේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන සංවර්ධන ක්‍රියාවලියක්. ගාල්ල, මහනුවර, යාපනය සංවර්ධනයට මිලියන 12000ක්.

-කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගය ඉදිරියට ගෙන යනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරනවා. ගංවතුරෙන් මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මිලියන 4000ක්.

-සහසර වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය ගන්නවා. ඒකාබද්ධ කාලසටහන් ස්ථාපිත කරනවා. 

-ප්‍රජාපොලිස් කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා. පොලිස් හා අපරාධ කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඉදිකරනවා. 

-ශ්‍රී ලංකා පොලීසියේ අන්තර්ජාල විමර්ශන අංශය බලාත්මක කරනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා වැඩි අවස්ථා ලබාදී තිබෙනවා.

-අධිකරණ තුළ ගොඩගැසි ඇති මූල්‍ය, දූෂණ ඇතුළු අඩු විශාල නඩු ප්‍රමාදවීම් වැළැක්වීම සඳහා අධිකරණ පරිපාලන කටයුතු වේගයත් කිරිමට නවීන ශව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමේ විශේෂ උසාවියක් වෙනුවෙන් මිලියන 25ක්.

-බාල අපරාධකරුවන් හා වින්දිතයන් අධිකරණය රැගෙන යාමේදී ගැටලු සඳහා පිළියමක් ලෙස ඔවුන්ව වෙන්ව ප්‍රවාහනය කිරීමට වාහන මිලදී ගන්නවා.

-ප්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් කරනවා.

-ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට රුපියල් බිලියන 2.5ක ප්‍රාග්ධනයක් ලබාදෙනවා.

-ආගමික ස්ථාන සංරක්ෂණය කරනවා. කලාව හා කලා ශිල්පීන් ආරක්ෂා කරනවා.
බෞද්ධ පුස්තකාලයක් අරඹීමට මිලියන 50ක් වෙන්කරනවා. ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 250ක්. අනුරාධපුර, ශ්‍රී පාදය, මඩු, නල්ලූර් විශ්‍රාම ශාලා ඉදිකිරීමට මිලියන 100ක් වෙන්කරනවා.

-නැගි එන මැදි හා ඉහළ ආදායම් ලබන ජනතාව සිටින නගර ආශ්‍රිතව විනෝදාත්මක පහසුකම් ලබාදෙනවා. ජාත්‍යන්තර මට්ටමේ මධ්‍යස්ථානයක් මොරටුවේදී ඉදිකරනවා.

-ICTA වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.

-රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක්. රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සඳහා පූර්ණ අධ්‍යනයක් කරනවා.

-පළාත් පාලන ආයතනවල ශක්තිය වර්ධනය කරනවා.

-2016න් පසු විශ්‍රාමිකයන්ට ජීවිතාන්තය තෙක් අග්‍රාහාරය ලබාදෙනවා.

-රජයේ සේවකයන්ට වාහන සඳහා ලබාදෙන බදු සහනය තවදුරටත් ක්‍රියාත්මක කරනවා.

-රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවන්න වෙනවා.

-සෑම වසරකම බිලියන 600ක කල්පිරෙන බැඳුම්කර තිබෙනවා.

-2018 වසරට ණය ආපසු ගෙවීමට බිලියන 1970ක් තිබෙනවා.

-2018 වසර සඳහා සිදුකිරිමට නියමිත රාජ්‍ය අයෝජන අඩු කරන්නේ නෑ.

-2018/4/1 සිට ක්‍රියාත්මක පරිදි බැංකු ගණුදෙනු මත රුපියල් 1000ට ශත 20ක් පරිදි ණය ආපසු ගෙවීමේ බද්දක්.

-නිර්බාධක වෙළඳාම දියුණු කරනවා. නව රේගු පනතක් හඳුන්වා දෙනවා. 

-2018/1/1 සිට ආනයනට අදාළ සියලු ලියකිලිවිලි මෙහෙයවීම ස්වයංක්‍රීය සිදුකරනවා.

-දුම්වැටි ආනයන හා සුරුට්ටු ආනයන බලපත්‍ර නිකුත් කරනවා.

-සුරාබදු ආදායම් කළමනාකරන පද්ධතියක් හඳුන්වා දෙනවා.

-පානීය නොවන මත්ද්‍රව්‍ය සඳහා රුපියල් 15ක බද්දක් අයකරනවා.

-2018/4/1 සිට කෙටි පණිවිඩ අලෙවි ප්‍රචාරයන් සඳහා පණිවිඩයකට ශත 25ක ගාස්තුවක් අයකරනවා.

-අයවැය සමීක්ෂණය සඳහා ඒකකයක් ස්ථාපිත කරනවා.

Rate this item
(17 votes)
Last modified on Friday, 10 November 2017 23:59