March 29, 2024

ඔඩීලියා හෝම්ස් වෙතින් මධ්‍යම පාන්තිකයන්ට ‘ Next Colombo-01 ‘

November 09, 2017

මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස සිහිනය යථාර්ථයක් බවට පත් කරලීමේ උදාර කර්ත්‍යවයට උර දී සිටින අපේ කාලයේ ව්‍යවසායකයකු වන ඔඩීලියා නිවාස සහ දේපළ වෙළෙඳ පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රෝහිත අබේගුණරත්න මහතාගේ නවතම සංකල්පයකට අනුව “Next Colombo – 01” නමින් නිවාස 75ක සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක් හෝමාගම ප්‍රදේශයේ නුදුරේදීම ඇරැඹීමට නියමිතය.

ඒ අනුව මධ්‍යම පාන්තිකයන්ට තම සුඛෝපභෝගී නිවාස සිහිනය සැබෑකර ගනිමින් රුපියල් ලක්ෂ 50-60 අතර මුදකට සුඛෝපභෝගී නිවාසයකට හිමිකම් කීමේ අවස්ථාව ළඟාකර ගත හැකිය.

මෙම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වෙන් වෙන් නිවාස ලෙස නිවාස ඉදිකිරීම කරන අතර එක් නිවසක් උදෙසා පර්චස් 6-8 අතර බිම් ප්‍රමාණයක් වෙන් කර තිබේ.

තවද මෙම නිවාස සංකීර්ණය සඳහා 24 පැය තුළ ක්‍රියාත්මක වන ආරක්ෂක සේවාවක්, ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, දරුවන් සඳහා උද්‍යාන, ක්‍රීඩාංගණය ඇතුළු සියළුම පහසුකම්වලින් වේ. හෝමාගම “Next Colombo – 01”ව්‍යාපෘතියට අමතරව ව්‍යාපෘතියේ ඉදිරි පියවර ලෙස අතුරුගිරිය ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස 200ක ව්‍යාපෘතියක් ද, කඩවත සුඛෝපභෝගී ප්‍රදේශයේ නිවාස 150ක ව්‍යාපෘතියක් ද ආරම්භ කිරීමට ඔඩීලියා නිවාස සහ දේපල වෙළෙඳ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රෝහිත අබේගුණරත්න මහතා බලාපොරොත්තුවෙන් සිටී.

දේපල වෙළෙඳ ව්‍යාපාරයටම වෙන්වූ පෑලියගොඩ පිහිටි ඔඩීලියා හෝම්ස් සමූහ ව්‍යාපාරය නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිය නාමය ඉදිරියටම රැගෙන යමින් දිවයින පුරා විවිධ නිවාස සහ දේපල වෙළෙඳ ව්‍යාපෘති සාර්ථකව සිදු කරමින් සිටී.

තව ද අපහට අදහස් දක්වමින් ඔඩීලියා හෝම්ස් හී කළමණාකාර අධ්‍යක්ෂ රෝහිත අබේගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා සිටින මධ්‍යම පාන්තිකයන්ට සුඛෝපභෝගී නිවසක් ලබා ගැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම තම ඒකායන අරමුණ බවත්, සියළු පහසුකම්වලින් අංග සම්පූර්ණ සුඛෝපභෝගී නිවසක් අවම මුදලකට ලබා දීම ඔඩීලියා හෝම්ස් ආයතනයේ ඒකායන බලාපොරොත්තුව බවය.

 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 08 November 2017 17:02