April 17, 2024

ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය සදහා රුපියල් මිලියන 50 ක්

November 09, 2017

ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත් දඹුල්ල   ආර්ථික මධ්‍යස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් පිළිබදව පැන නැගී ඇති ගැටළුවට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙසද එසේ නොකළහොත් කළමනාකරුට විරුද්ධව  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.  

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන්හි සංවර්ධන කටයුතු වල ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද පසුගියදා අමාත්‍යංශ  ශ්‍රවණාගාරයේදී පැවැත්වු සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අමාත්‍යංශ  ප්‍රතිපාදන වලින් හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරය මගින් සිදු කරන සංවර්ධන කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණ අතර  ආර්ථික මධ්‍යස්ථානයන්හි පවතින අඩුපාඩු හා ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී.

මේ අතරින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙහි පවතින ජල ප්‍රශ්නයට හැකි ඉක්මනින් විසදුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ජල ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා , දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ගැන හැමදාම පත්තරේ යනව.  මාධ්‍යෙයෙන් පෙන්නුවා. වැසිකිලි පද්ධතිය ගැන. මේක විසදා ගන්න බැරිව දගලනවා . ටැප් කැඩෙනවා. අපහරණ පද්ධතිය ගැන උනන්දුවක් නැහැ. වැසිකිළිය බිස්නස් එකක් කර ගෙන .මා ගිහින් පුද්ගලිකව සොය බැලුවා. වැසිකළිය ටෙන්ඩර් කරලා තියෙනවානම් ටැප් ගලවා ගෙන යනවා නම් ඒ පිළිබද ටෙන්ඩර්කරු වග බලා ගන්න ඕනැ.  වැසිකිලි භාවිතා කරනවාට මුදල් ගන්නවානම් ටෙන්ඩර්කරු වග කියන්න ඕනෑ . කරුණාකරල  හරියටම බලලා ඉක්මනින් විසදන්න. නැත්නම් කළමනාකරු විදිහට අපි ඔයා ගැන තීරණයක් ගන්නවා. යැයිද පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමියගේ ද අදහස් විමසන ලද  අතර ඒ අනුව අමාත්‍යංශ නිලධාරීන්ටද වැසිකිලි පද්ධතියෙහි ඇති වී ඇති ගැටළුව විසදී මට මෙම සතිය තුළ ක්‍රියා කර                   දන්වන ලෙස උපදෙස් ලබා දෙන ලදී.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානයන්හි සංවර්ධන කටයුතු සදහා 2017වසරට රුපියල්  මිලියන 50 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම ප්‍රතිපාදන ආර්ථික මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සදහා යොදවා ඇති අතර මෙමගින් ගොවීන්ට  තම නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබා ගැනීමට වෙළද පොළ සකසා දීම හා පාරිභෝගිකයාට පහසු මිලට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අමාත්‍යංශයේ අරමුණයි.

මෙහිදී රජයේ තක්සේරුවට අනුව බදුකුලී නොගෙවන ආර්ථික මධ්‍යස්ථානයන්හි වෙළදුන්ගෙන් කුලී අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර මෙසේ බදු කුලී නොගෙවීම බදු ගෙවන වෙළදුන්ට සිදු කරන ආසාධාරණයක්  බවත් අමාත්‍යවරයා පැවසීය.

වව්නියාව ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම් කටයුතු අවසන් වෙමින් පවතින බවත් දෙසැම්බර් මස අවසන් වන විට එය ජනතා අයිතියට පත් කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා  තවදුරටත් පැවසීය.

සෑම ආර්ථික මධ්‍යස්ථානයක් සදහාම ගිණුම්කරණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා නිලධාරීන් පුහුණු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යංශයේ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය පැවසීය. 

Rate this item
(0 votes)