April 17, 2024

අඩුවට සහල් දෙන්න සතොසෙන් වැඩපිළිවෙලක්

November 01, 2017

මෙම වසරේ ජුලි මාසයේදී ඉන්දියාවෙන් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 17,000 ක් මේ වන විට ලංකාවට ලැබී ඇති බවත් එම සහල් තොග ලංකා සතොස අළෙවි සැල් මඟින් හා සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ (CWE) ජංගම අලෙවි රථ මඟින් ලංකාව පුරා බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඉන්දියාවෙන් ඇණවුම් කළ ඉතිරි නාඩු සහල් මෙට්‍රික් ටොන් 53,000 ලබන මස (නොවැම්බර්) දෙවන සතිය වන විට ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇති අතර මෙසේ  ආනයනය කළ නාඩු සහල් කිලෝ ග්රෑම් 1 ක් රු.74 කට ලංකා සතොස හා CWE ජංගම අලෙවි රථ මඟින් පාරිභෝගිකයාට ලබාගත හැකිය.

එසේම ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් මෙට්‍රික් 30,000 ද නොවැම්බර් මාසය අවසන් වීමට පෙර වෙළඳපළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ලඟ එන උත්සව සමයට හිඟයකින් තොරව අඩුම මිලට සහල් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)