April 25, 2024

දීපවාලි උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝවට රුපියල් එක් කෝටි හතලිස් තුන් ලක්ෂයක ධාවන අදායමක්

දිපාවලි උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝවට බස් රථ ධාවනයෙන් රුපියල් එක්කෝටි හතලිස් තුන් ලක්‍ෂයක ආදයමක් ලබා ඇති බව එම ඩිපෝවේ අධික්‍ෂණ නිළධාරී රෝහන ද සිල්වා මහතා පැවසීය.

ඉකුත් (15) සිට පෙරේදා (22) දින දක්වා දුර සහ කෙටි දුර ධාවනය සදහා හැටන් ඩිපෝව සතු බස් රථ අනු තුනක් ධාවනයට එක්කර තිබු බව රෝහන ද සිල්වා මහතා පැවසුවේය.

දිපාවලි උත්සව සමයේ මගි ජනතාවට තම ලංගම ඩිපෝව මගින් දිවා රාති‍්‍ර දෙකෙහිම උපරිම සේවාවක් සැලසු බවත් තම ඩිපෝවේ බස් රථ වලට අමතරව පිට පළාත්වලින්ද හැටන් බස්නැවතුම්පොළේ සිට කොළඹ දක්වා ධාවනයට ලංගම බස් රථ කිහිපයක් ධාවනයට එක්කළ බවයි ඒ මහතා පැවසීය.

මෙම ආදායම් තත්ත්වය මෙතෙක් ඩිපෝව ලබා ගත් වැඩිම ආදායම් වාර්තාව බවත් එළඹෙන 2017-2018  ශ්‍රීපාද වන්දනා වාරයේදි ද ශ්‍රී පාද වන්දනාකරුවන් වෙනුවෙන් තම ලංගම ඩිපෝව සතු බස් රථ වැඩි ගණනාවක් දිවා රාති‍්‍ර දෙකෙහිම ධාවනයට එක්කිරිමට සැලසුම් කර ඇති බව හැටන් ඩිපෝවේ අධික්‍ෂණ නිළධාරි රෝහන ද සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේය.

 

Rate this item
(0 votes)