March 28, 2024

ආනයනික සම්බා රුපියල් 4කින් පහළට

ආනයනික සම්බා සහල් මිල රුපියල් 4කින් අඩු කරන බව ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි.

ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඒ අනුව සුදු කැකුළු සහල් ලංකා සතොස තුළින් ලබා ගන්නේ නම් කිලෝග්‍රෑමයක් රුපියල් 64කටත් එම සහල් තොග වශයෙන් ලබා ගන්නේ නම් රුපියල් 63කටත් ලබා දෙන බව ද තෙන්නකෝන් මහතා කියා සිටියේය.

එමෙන්ම නාඩු රුපියල් 73 කට, කැඩුණු සහල් රුපියල් 60 කට හා සම්බා රුපියල් 83 කට ලබා දෙන බව ද ඔහු පැවසීය.

එමෙන්ම ගම් මට්ටමේ සිටින ව්‍යාපාරිකයින්ට සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සතොස හරහා තොග මිලටම ලබා දීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.

දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 370 තුළින්ම මෙම පහසුකම ගම් මට්ටමේ ව්‍යාපාරිකයින්ට හිමිවන බවත් ප්‍රථම අදියර යටතේ සුදු කැකුළු, කැඩුණු සහල් හා සම්බා ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් පැවසූ තෙන්නකෝන් මහතා සැමන් හා හාල්මැස්සන් ද තොග මිලට ජනතාවට ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

 

Rate this item
(0 votes)