April 20, 2024

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන ඇරඹේ (PHOTOS)

“එක්වෙමු – නැගිටිමු – අටුකොටු පුරවමු” ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (14) ආරම්භ කෙරිණි.

පෙරේදා උදෑසන පුත්තූර්, නිලාවරෙයි ප‍්‍රදේශයේදී පැවති මෙම වැඩසටහන සංකේතවත් කරමින් පලතුරු පැළ සහ ආහාර භෝග පැළ ගොවීන් වෙත බෙදා දීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

භෝග වර්ග රෝපණය කරන ආකාරය ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර “සිතමු කාන්තා” ගොවි සංවිධාන වැඩපිළිවෙළේ කාන්තාවන් 4000 ක් වෙත සංකේතාත්මකව බීජ වර්ග ලබාදීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යාපනය දිස්ත‍්‍රික්කයේ වගා ළිං සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 20 ක මුදල සංකේතවත් කරමින් චෙක්පතක් ලබා දීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

කෘෂිකර්මාන්තයට අඩු වියදම් ක‍්‍රමයක් ලෙස සෝලා පවර් හඳුන්වාදීම ද මෙහිදී සිදුවූ අතර කෙසෙල් කඳන් කපන නවීන යන්ත‍්‍රයක් ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

Rate this item
(0 votes)