April 20, 2024

හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක්

හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීම පිළිබඳව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වෙයි.

ඒ පිළිබඳව ඉදිරි කටයුතු සොයා බැලීමට අදාළ පාර්ශ්වයන්ට යෝජනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේ  ‘ශිල්ප අභිමානී 2017’ ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙලේ සමාරම්භක අවස්ථාවට පෙරේදා (04) පස්වරුවේ එක් වෙමිනි.

තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙල අද සිට ලබන 08 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වේ.

මෙහි සමාරම්භක උළෙල ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හස්ත කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම්, සම්පත් සහ වෙළෙඳපොළ අවස්ථා ලබාදෙමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට ඉදිරියේදී රජය වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවයි.

දේශීය අභිමානය සහ අනන්‍යතාවය කැටිවූ අපගේ පාරම්පරික හස්ත කර්මාන්තය විදේශීය විනිමය උපයන නිර්මාණ බවට පත්කරගැනීමේ හැකියාව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශ වත්කම් ඉහළ නැංවීමේදී දේශීය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් සහ ප‍්‍රමුඛත්වයක් දක්වමින් කටයුතු කිරීමට රජය සැලසුම්කර තිබෙන බව ද කියා සිටියේය.

Rate this item
(0 votes)