April 24, 2024

නව උක් වර්ග 5ක් හඳුන්වා දෙයි

September 30, 2017

විවිධ දේශගුණ රටාවන්ට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබාදෙන නව උක් ප්‍රභේද 5ක් හඳුන්වා දීමට උක් පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.නව උක් ප්‍රභේදයන් SL0095, SL00354, SL00603, SL00652 සහ SL04624 ලෙස හඳුන්වා දී ඇත.

මෙමඟින් සීනි ප්‍රතිශතය ඉතාමත් ඉහළ තත්ත්වයකින් ලබාගැනීමට හැකියාව ලැබෙන බව උක් පර්යේෂණායතනය පවසයි.

මේ වන විට උක් පර්යේෂණ ආයතනය මඟින් උක් ප්‍රභේදයන් 17ක් හඳුන්වා දී තිබේ. මෙම නව උක් ප්‍රභේදයන් වර්ග 05 හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ උක් ප්‍රභේදයන් 22ක් වගා කිරීමට අවස්ථාව උදා වේ.

වසර 2025 වන විට ශ්‍රී ලංකාව සීනි කර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙස මෙම නව ප්‍රභේද හඳුන්වා දීම සිදු කෙරෙන බව ද වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)