April 20, 2024

සැම්සුන් Galaxy Note 8 Smart ජංගම දුරකථනය වෙළඳපොළට

September 28, 2017

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම විසින් නවතම සැම්සුන් Galaxy Note 8 Smart ජංගම දුරකථනය පසුගියදා මෙරටට හඳුන්වා දෙනු ලැබීය.

නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් නව විශේෂාංග රැසක්ද සමඟින් සැම්සුන් Galaxy Note 8 Smart ජංගම දුරකථනය වෙළඳපොලට ඉදිරිපත් කර තිබෙනවා.

සැම්සුන් Galaxy Note 8 Smart ජංගම දුරකථනය එක අතකින් පහසුවෙන් හසුරුවා ගත හැකි ලෙස නිර්මාණය කර ඇති පුළුල් තිරය මෙහි මූලික අංගයක් වන අතර Infinity Display නැමැති තාක්ෂණයෙන් එය නිමකර තිබීම විශේෂයි.

මීට අමතරව සන්නිවේදනය ඉතා පහසුවෙන් ක්‍රියාකිරීමට S Pen වැනි නවීන අංගයන්ද මෙයට ඇතුළත් කර ඇති අතර මෙහි ද්විත්ව කැමරා මඟින් අති විශේෂ හා ඉතා පැහැදිලි ජායාරූප ලබා ගැනීමට හැකියාව පවතියි.

සැම්සුන් Galaxy Note 8 ජංගම දුරකථනය එම කාණ්ඩයේ දුරකථන සඳහා කැමැත්තක් දක්වන පාරිභෝගිකයන් හට නවතම තාක්ෂණය හරහා ආරක්ෂක අත්වැලක් Samsung Knox හරහා ලබා දෙන බව එම සමාගම පවසයි.

Rate this item
(0 votes)