March 28, 2024

පිටරටින් ගේන ලුණු නවතා රටටම ලුණු දෙන්න උතුර සැරසෙයි

September 18, 2017

ඉදිරි වසර දෙකක කාලය තුළ දි ලුණු ආනයනය කිරීම නවතා දමා රටටම අවශ්‍ය තරමට ලුණු ලබා දීමට අලිමංකඩ හා මන්නාරම ලුණු ලේවායන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ අමාත්ය රිෂාඩි බදියුදීන් මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම මාන්තෙයි ලුණු කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහභාගී වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේ පැවසූවේ

“යුධ සමයේ වසා දමා තිබු අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව හා මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව සංවර්ධනය කොට සැලකිය යුතු ලුණු උත්පාදනයක් සිදු වනවා ඒ වගේම මෙම ලුණු ලේවායන් සංවර්ධනය කොට වැඩි දියුණු කිරීමෙන් ලුණු උත්පාදනය වැඩි දියුණු කිරීම හරහා ලුණු අපනයනය නවතා දැමීමට හැකියාව ලැබෙනවා. 

‘2017 වසරේ මේ දක්වා කාලය තුළ මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව තුළින් ලුණු ටොන් 6000 ක් හා අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව තුළින් ලුණු ටොන් 5000 ක් ද උත්පාදනය කරලා තියනවා. ඉදිරි වසර දෙකක කාලය තුලදී මේ ලුණු ලේවායන් තවත් සංවර්ධනය කොට ලුණු ආනායනය කිරීම් සම්පූර්ණයෙන්ම නවතා රටටම අවශ්‍ය ලුණු උත්පාදනය කිරීමට අලිමංකඩ හා මන්නාරම්හි පිහිටි ලුණු ලේවායන් මගින් සිදු කිරීමට හැකිවනවා වගේම මෙමගින් විශාල පිරිසකට රැකියා අවස්ථාද හිමි වනවා.“ යනුවෙනි. 


(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)