April 19, 2024

සියලූම වොක්ස්වැගන් රථ ඉලෙක්ට්‍රික් කිරීමට සැරසෙයි

September 13, 2017

මේවන විට ලොව පුරා වොක්ස්වැගන් කර්මාන්තශාලාවල නිෂ්පාදනය සිදු කෙරෙමින් පවතින සියලූම මෝටර් රථ මාදිලි  2030 වසර වන විට හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් ඒවා ලෙසින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව වොක්ස්වැගන් සමාගම පෙරේදා (11) නිවේදනය කළේය.

මේ අනුව මාදිලි 300 කින් පමණ යුතු වොක්ස්වැගන් නිෂ්පාදිත මෝටර් රථවල පරිසර හිතකාමී මාදිලි, 2030 වන විට දැකබලා ගත හැකි වනු ඇත.

මේ අතර සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ 2030 වසර වන විට වොක්ස්වැගන් සහ සිය උපකාණ්ඩයන් වන Audi, Bentley, Bugatti ආදී මෝටර් රථවල ඉලෙක්ට්‍රික් මාදිලි 80 ක් පමණ එළිදැක්වීමට සැලසුම් කර ඇති බවයි.  වායු විමෝචනය බිංදුවක් බවට පරිවර්තනය කිරීමේ වොක්ස්වැගන් හි මෙම සැලසුම සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 23 ක් බව අනාවරණය කර ඇත.

 

Rate this item
(0 votes)